පොලිසියට පැමිණිලි කරන්නැයි කැෆේ මහින්දගෙන් ඉල්ලයි

Saturday, 25 February 2017 - 18:12

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B7%86%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
බැදුම්කර වංචාවට අදාළව සංවාදයක් මතුව ඇති ගැසට් නිවේදනය ව්‍යාජ එකක් නම්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වහාම ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ යුතු බව කැෆේ සංවිධානය ප්‍රකාශ කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මේ බව කියා සිටියා.

එමගින් ඔහු සදහන් කර තිබුණේ ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනතේ 4 වන වගන්තියට අනුව මෙවැනි ගැසට් නිවේදනයන් නිකුත්වීම සිදුවිය යුත්තේ ශ්‍රී ලංකා මහබැංකුවේ රාජ්‍ය ණය අධිකාරි, බැදුම්කර වංචාව සිදුවන විට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා සහ මහබැංකුවේ එවක අධිපතිවරයා වූ අර්ජුන් මහේන්ද්‍රන්ගේ නිර්දේශ සහ අනුමැතිය මත බවයි.

බැඳුම්කර ගනුදෙනුවට අදාළව පරීක්ෂණ සිදුකරන ජනාධිපති කොමිසම හමුවේ පෙරේදා මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග සාක්ෂි ලබාදුන්නා.

එහිදී 2015 ජනවාරි 1 වන දා ප්‍රසිද්ධ කරන ලද ගැසට් පත්‍රයක් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය කොමිසමට ඉදිරිපත් කළා.

එහි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍යවරයා ලෙස සිය අත්සන යොදා අවුරුදු 30කින් කල් පිරෙන රුපියල් බිලියන 10.58ක් 2015 මාර්තු 1 වන දාට නිකුත් කරන ලෙසට නියම කර තිබෙනවා.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ලිවේරා සදහන් කළේ මෙම ගැසට් පත්‍රය 2015 දෙසැම්බර් මස මුද්‍රණයට යවා 2015 ජනවාරි 1 වන දා දිනය යොදා ප්‍රසිද්ධ කර ඇති බවයි.

ඒ අනුව මෙම ගැසට් පත්‍රය මුද්‍රණයට පැමිණි දිනය සොයා ගැනීම සඳහා රජයේ මුද්‍රණාලයාධිපති කොමිසමට කැදවීමට ද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි තීරණය කරනු ලැබුවා.

මේ අතර, හොරණ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ අදාළ ගැසට් පත්‍රය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට තමන් සූදානම් බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories