මහඇමතිවරුන්ට එජාපයෙන් අනතුරු ඇගවීමක්

Saturday, 25 February 2017 - 18:43

%E0%B6%B8%E0%B7%84%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
තම පක්ෂය කිසිවිටෙකත් එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්ව කටයුතු නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කළා.

අනුරාධපුරයේ පැවති ජනහමුවකට එක්වෙමින් එම පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මේ බව සදහන් කළා.

එහිදී ඔහු කියා සිටියේ ප්‍රාදේශීය සභාවල කාලය දිගු නොකිරීම හේතුවෙන් එම හිඩස පිරවීම සදහා නව පක්ෂය බිහිවූ බවයි.  

මේ අතර, පළාත් ප්‍රධාන අමාත්‍යවරු තම සීමාව ඉක්මවා කටයුතු කරන්නේ නම් ඔවුන්ගේ බලය බිද දැමීමට සිදුවන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි බණ්ඩාරවෙල ප්‍රදේශයේ ඊයේ (24) පැවති උත්සවයකට එක්වෙමින් කියා සිටියේ ප්‍රධාන අමාත්‍යවරුන්ගේ බලතල බිද දමා ඔවුන් ගෙදර යැවීමේ වැඩපිළිවෙලක් එක්සත් ජාතික පක්ෂය සතුව ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories