ජාත්‍යන්තර විනිසුරු ප්‍රශ්නයත් අවසන්

Saturday, 25 February 2017 - 18:57

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
ආදර්ශමත් අධිකරණ පද්ධතියක් රට තුළ ගොඩනැගීමට වත්මන් රජය කැපවී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

රුපියල් මිලියන 382 ක වියදමින් නිම කිරීමට අපේක්ෂිත පොළොන්නරුව නව අධිකරණ සංකීර්ණයට මුල්ගල් තැබීමේ අවස්ථාවට අද (25) පෙරවරුවේ එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.

ජාත්‍යන්තර විනිසුරුවරුන් පිළිබද පැවති ප්‍රශ්නය අවසන් කළ බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී සදහන් කළා.

‘‘අධිකරණය සම්බන්ධයෙන් පසුගිය අවුරුදු කීපයක ඛේදජනක හා ශෝචනීය අත්දැකීම් පිළිබඳව අපේ රටේ ජනතාවට අත්දැකීමක් තියෙනවා වගේම, අන්තර්ජාතික වශයෙන් අපේ අධිකරණයට චෝදනා එල්ල වුණේ එහි තිබුණු බොහෝ ගැටලූ සහ ප්‍රශ්න වගේම විවේචනශීලි ලෙස යම් යම් කටයුතු සිදුවුණු නිසයි. විජේදාස රාජපක්ෂ මතිතුමා දිවිනැගුම පනත ගැන කිව්වා. දිවිනැගුම පනත නිසා තමයි හිටපු අග්‍රවිනිශ්චයකාරතුමියව ගෙදර ඇරියේ. ඒක නිසා එවැනි කටුක සහ ප්‍රධාන වශයෙන්ම කණගාටුදායක අත්දැකීම් තිබුණු කාලයක් අපි අවසන් කරලා තිබෙනවා. අපිට රටක් විදියට ප්‍රධාන වශයෙන්ම මේ රටේ අධිකරණ ක්ෂේත්‍රය අපක්ෂපාතී, ස්වාධීන, ආදර්ශමත් අධිකරණ ක්ෂේත්‍රයක් ගොඩනගන්න අපි රජය විදියට සැමවිටම කැප වෙනවා. ජාත්‍යන්තර වශයෙන් විදේශීය විනිශ්චයකාරවරුන් මේ රටට ගෙන්වන්නට  ඕනෑයි කියලා තිබුණු ප්‍රශ්නය අපි අවසන් කළා. ජාත්‍යන්තරයේ ප්‍රධාන අංශ සියලූ දෙනාට රාජ්‍ය නායකයින් සෑම කෙනෙකුටම මම කිව්වා, මේ රටට රාජ්‍ය නායකයින් ආපු වෙලාවේ. එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට, මානව හිමිකම් මහ කොමසාරිස්වරයාට, ඒ වගේම ප්‍රබල රටවල්වල නායකයින්ට ඒ සෑම කෙනෙකුටම මම කිව්වා විදේශීය විනිශ්චයකාරවරුන් ගේන්න මම කිසිසේත් ලෑස්ති නෑ. මේ රටට ඇතුල් කරන්න පුළුවන් කමක් නෑ. එක පැත්තකින් නීතියෙන් ඉඩක් නෑ. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එහෙම නම් වෙනස් කරන්න  ඕන. අනිත් පැත්තෙන් මම අපේ අධිකරණ ක්ෂේත්‍රය පිළිබඳව, විනිශ්චයකාරතුමාලා පිළිබඳව අපි රජයක් විදියට විශ්වාසය තබනවා එතුමන්ලාට අවංක සේවයක් ඉටු කරන්න පුළුවන්  ඕනෑම කාර්යයක් තුළ කියලා.’’ යනුවෙන් එහිදී ජනාධිපතිවරයා තවදුරටත් අදහස් දක්වා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories