ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව කටයුතු කිරීමට නම් එක් කොන්දේසියක් සපුරාලිය යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එ
හි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මේ බව කියා සිටියේ ඊයේ ගාල්ල ප්‍රදේශයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහභාගි වූ ජන හමුවකට එක්වෙමින්.
‘‘ගිය බ්‍රහස්පතින්දා හමුවුණා බැඳුම්කර වංචාවේ ඉදිරිපත් කරපු ගැසට් නිවේදනය. බැඳුම්කරය නිකුත් කරන්නේ 2015 පෙබරවාරි විසි පස්වනදා. ගැසට් එක ගහන්නේ 2015 සැප්තැම්බර් 15. ගැසට් එකේ අත්සනට කාගේ අත්සනද ගහලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අත්සන. දැන් හැදුවේ මේ බැඳුම්කරය කරෙත් මහින්ද රාජපක්ෂ කියන්න. ඒ නිසා මේ ආණ්ඩුව ගැන දිගින් දිගටම උදාහරණ කෝටි සංඛ්‍යාත ගානක් ඇති. ඒ නිසා මේ සියලූම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව ඇතුලේ ඉන්න මිත්‍රයින්ට අපි කියන්න ඕනා, නල්ලතන්නියේදී අපි හමුවෙන්න බලාගෙනත් ඉන්න සමහරු ඉන්නවා. අපි කැමතියි එකට කරුණා කරන්න. කවුද අකමැති. හැබැයි අපිත් එක්ක එකට කරුණා කරන්න නම් නල්ලතන්නියේදී විතරක් හමුවෙලා මදි. අර සිරිකොත කියන දිවාගුහාවේ ගැටගහලා තියෙන දම්වැල් කඩාගෙන මේ ආණ්ඩුව ඇතුලේ ඉන්න අපේ කණ්ඩායම එලියට එන්න ඕනා.’’ යනුවෙන් එහිදී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා සඳහන් කළා.
මේ අතර, බදුල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා කියා සිටියේ මහබැංකු බැදුම්කර වංචාවට කිසිසේත්ම හිටපු ජනාධිපතිවරයාගේ සම්බන්ධයක් නොමැති බවයි.
එහිදි ඔහු තවදුරටත් සඳහන් කළේ ‘‘ලංකාවේ මෑත ඉතිහාසයේ ලොකුම හොරකම වෙච්ච මහබැංකු මගඩියේ ලොකුම හොරු, ජනාධිපතිතුමා පත්කරා කොමිසමක් ඒ හොරු හොයන්න. මොකද වුණේ අලූත් සිංදුවක් ගහනවා කොමිසම ඇතුලේ සමහර අය. මොකක්ද මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කාලේ මෙන්න මෙහෙම එකක් අත්සන් කරාය, ඒ කාලේ ඉඳලම මෙහෙම දේවල් සිද්ධ වුණා. ඒ නිසා මේ සිද්ධ වෙච්ච මහබැංකු හොරකම සාමාන්‍ය ක්‍රියාපටිපාටියේ දෙයක් හැටියට පෙන්වන්න දැන් වෙන බයිලාවක් ගහනවා. සන්ධාන ආණ්ඩුව කාලේ හොරකම් වෙච්ච ඒවා හොයන්න ඕන. හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඔය මහබැංකු මගඩියට සම්බන්ධ නෑ. හැබැයි එයාව ඒකට ගාවලා මේ උත්සාහ කරන්නේ මහ දවල් මේ ආණ්ඩුවේ හොරු ටික ආරක්ෂා කරන්න වෙන සූස්තරයක් හදනවා.’’ යනුවෙන්.

Follow US
Most Viewed Stories