නිදහස් පක්ෂයේ විශේෂ සම්මේලනයක් මාර්තු දෙවනදා

Sunday, 26 February 2017 - 13:15

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%9A%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F
නිදහස් පක්ෂ විධායක සභාවේ සහ සමස්ථ ලංකා කාරක සභාවේ විශේෂ හමුවක් ලබන මාර්තු 02 වනදා පවත්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් මත මෙම හමුව පවත්වන බවයි  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මෙම සම්මේලනය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සියලූම පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ට ලිඛිතව ආරාධනා තර ඇති බව පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

පැවැත්වීමට නියමිත නිදහස් පක්ෂ විධායක සභාවේ සහ සමස්ථ ලංකා කාරක සභාවේ හමුවට සහභාගිවන්නේද යන්න පිළිබඳ හිරු ප්‍රවෘත්ති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේගෙන් විමසීමක් කළා.  

ඔහු කියාසිටියේ එම හමුවට සහභාගී වීම  සඳහා මෙතෙක් නිළ ආරාධනයක් පක්ෂයෙන් සිදු කර නොමැති බවයි.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories