Update - කළුගඟ ව්‍යාපෘතියේ සිදුවූ අනතුරෙන් ගල් සහ පස් අතර සිරව සිටි පුද්ගලයා බේරාගැනේ (ඡායාරූප)

Sunday, 26 February 2017 - 13:59

Update+-+%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B6%9C%E0%B6%9F+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කළුගඟ ව්‍යාපෘතියේ පස් කන්දක් කඩාවැටීමෙන් ගල් සහ පස් අතර සිරව සිටි සේවකයා පැය 08ක මෙහෙයුමකින් පසු බේරාගෙන තිබෙනවා

Update - Sunday, February 26, 2017 5.31pm
--------------------------------------------------

මාතලේ, ලග්ගල - කළුගඟ ව්‍යාපෘතියේ කැණීම් සිදුකරන ගල් කොරියක පස් කන්දක් කඩාවැටීමෙන් ගල් සහ පස් අතර සිරවූ සේවකයෙකු බේරාගැනීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙනවා.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න සඳහන් කළේ අදාළ සේවකයා මුදා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා දෙකකින් යුද හමුදා කමාන්ඩෝ භට කණ්ඩායම් 2ක් එම ස්ථානයට ළඟා වී ඇති බවයි.

දැනට සිරවී සිටින සේවකයාට වෛද්‍යවරුන් කැඳවා කෘතිම ස්වසනය ලබාදීමට කටයුතු කර තිබෙනවා.

අද උදෑසන සිදුවූ අනතුරින් එක් සේවකයෙකු මියගිය අතර තවත් සේවකයෙකු මේ වනවිට රෝහල් ගතකර තිබෙනවා.









ඡායාරූප - දඹුල්ල කාංචන ආරියදාස / නාඋල - ඉන්දික අරුණ කුමාර




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories