පසුගිය සමයේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේදී නීති කඩ කර ඇති බවට මුදල් අමාත්‍යාංශය කියයි

Sunday, 26 February 2017 - 17:20

%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%A9+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පසුගිය සමයේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේදී මහබැංකුව නීති උල්ලංගණය කර ඇති බවට මුදල් අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පහසුකම් සැලසීම සඳහා මුදල් අමාත්‍යවරයාගේ අනුදැනුමකින් තොරව 2015 වසරේ සිට රාජ්‍ය ණය අධිකාරීවරයා අත්තනෝමතිකව ගැසට් පත්‍ර නිකුත් කර ඇති බවයි.

පවතින තත්ත්වය මත මහබැංකු බැඳුම්කර ඇතුළු සියලු භාණ්ඩාගාර සුරැකුම් සම්බන්ධයෙන් වන 2017 වසර සදහා වූ ගැසට් පත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගත් බව ද එම නිවේදනයේ සදහන්.

මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ බැදුම්කර වර්ෂය පුරා නිකුත් කර අවසන් වීමෙන් පසු එම වසරේ ජනවාරි 1 වන දාට පෙර දිනයක් යොදා ගැසට් පත්‍ර නිකුත් කිරීම මහබැංකුව අනුගමනය කළ ක්‍රමවේදය බවයි.

කෙසේ වෙතත්, එම ගැසට් පත්‍ර නිකුත් කිරීමේදී නෛතික ක්‍රියා පටිපාටියෙන් බැහැරව මුදල් අමාත්‍යවරයාගේ සහ ලේකම්වරයාගේ අනුමැතිය නොමැතිව රාජ්‍ය ණය අධිකාරීවරයා අත්තනෝමතිකව ගැසට් පත්‍රයේ ඍජුවම රජයේ මුද්‍රණාලය වෙත යවා ඇති බව ද එහි දැක්වෙනවා.

මෙම අත්තනෝමතික ක්‍රියා පටිපාටිය අනුවම 2016 වසරේ ජනවාරි මස 1 වන දා දිනය යොදා මුදල් අමාත්‍ය රවී කරුණානායක නමින් ද එම වසරේ ගැසට් පත්‍රය පළ කර තිබෙනවා.

2017 වසරේ ගැසට් පත්‍රය ද එම ක්‍රියාපටිපාටියම අනුගමනය කරමින් මුද්‍රණයට යවා ඇති බැවින් එය මුද්‍රණය අත්හිටවූ බවයි මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

කොටස් සහ සුරැකුම් ලියාපංදිචි ආඥා පනතේ ප්‍රතිපාදන උල්ලංගණය කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට, හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ්  කබ්රාල්ට පහසුකම් සැලසීම සඳහා මහබැංකු බැදුම්කර ඇතුළු සියලු භාණ්ඩාගාර සුරැකුම් නිකුත් කර ඇති බව ද එම නිවේදනයේ සදහන්.

එම නිසා පරීක්ෂණ නිමවීමෙන් පසුව මීට වගකිව යුතු නිලධාරීන්ට විරුද්ධව කොටස් සහ සුරැකුම් ලියාපදිංචි ආඥා පනත යටතේ නීත්‍යානුකූලව පියවර ගන්නා බවයි මුදල් අමාත්‍යාංශය තවදුරටත් ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories