පෑලියගොඩ පොලීසියේදී පුද්ගලයෙකු මිය යාම ගැන පොලීසියේම 5ක් අත්අඩංගුවට

Sunday, 26 February 2017 - 19:31

%E0%B6%B4%E0%B7%91%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8+5%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පෑලියගොඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවෙකු මිය යාම සම්බන්ධයෙන් එම පොලීසියේ සේවයේ නියුතු උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරුන් 4 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි සදහන් කළේ අද පස්වරුවේ අත්අඩංගුවට ගත් එම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සදහා ඉදිරිපත් කරන බවයි.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරික්ෂණයක් පවත්වන ලෙස පොලිස්පති පුජිත් ජයසුන්දර අද දහවල් නියෝග කර තිබුණා.

මළ ගෙදරක බැනරයක් දැමීමට අවශ්‍ය බව පවසා බියගම - රක්ගහවත්ත ප්‍රදේශයේ පදිංචි මිය ගිය 41 හැවිරිදි පුද්ගලයාගේ මවගේ නිවසට පුද්ගලයින් සිව් දෙනෙකු පැමිණ ඇත්තේ ඊයේ අලුයමයි.

අදාළ පිරිස මවගේ ප්‍රකාශයකට අනුව කඩුවෙල - නවගමුව - රාක්ෂපාන ප්‍රදේශයේ පිහිටි මිය ගිය පුද්ගලයාගේ බිරිදගේ නිවසට පැමිණ තිබුණා.

එලෙස පැමිණි පුද්ගලයින් තමන් පෑලියගොඩ පොලීසියේ නිලධාරීන් බවට හදුන්වා ස්වාමි පුරුෂයාගෙන් කටඋත්තරයක් ගැනීමට අවශ්‍ය බැවින් ඔහු රැගෙන යන බවට පැවසූ බවයි බිරිඳ කියා සිටියේ.

පසුව පෑලියගොඩ පොලීසිය විසින් බිරිදට දන්වා ඇත්තේ තමන් රැගෙන ආ පුද්ගලයා ඇදුම රෝගය උත්සන්න වී මිය ගිය හෙයින් දේහය රෝහලේ තැන්පත් කර ඇති බවයි.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණේ මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ලබාදුන් ප්‍රකාශයකට අනුව බව වාර්තා වනවා.

පොලීසිය පැවසුවේ මිය ගොස් සිටින සැකකරුට මොට ආයුධයකින් පහර දී මෙම මරණය සිදුවූ බවට අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාවෙන් තහවුරු වී ඇති බවයි.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව මිය ගිය පුද්ගලයාගේ දේහය ඥාතීන් වෙත භාර දී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories