රජයේ මුද්‍රණාලාධිපතිනිය අද බැඳුම්කර කොමිසම හමුවට

Monday, 27 February 2017 - 7:47

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7
වත්මන් රජය යටතේ නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාළ ගැසට් පත්‍රය ප්‍රකාශ කළ දිනය සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රශ්නකාරී තත්ත්වය නිරවුල් කරගැනීමට අදාළව කරුණු විමසීම සඳහා රජයේ වැඩබලන මුද්‍රණාලාධිපතිනිය මේ පිළිබඳව විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවට අද කැඳවා තිබෙනවා.

වැඩබලන මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ පෙරවරු 10 ට කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.

එමෙන්ම මහ බැංකුවේ ණය දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධිකාරී මොහොමඞ් අසීම් ද අද දිනයේ මෙම කෙමිසම හමුවට කැඳවා තිබෙනවා.

පසුගිය බ්‍රහස්පතින්දා මෙම කොමිසමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කෙරුණේ මෙම ආන්දෝලනාත්මක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවට අදාළව චක්‍රලේඛය සම්බන්ධයෙන් මතුවූ ගැටළුවක් මතයි.

එදින කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය එච්.එස්.සමරතුංග කියා සිටියේ මෙම භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවට අදාළ චක්‍රලේඛය 2015 ජනවාරි මස පළමුවනදා නිකුත් කර ඇති බවයි.

එය හිටපු ජනාධිපති මෙන්ම එවකට මුදල් අමාත්‍යවරයාව කටයුතු කළ මහින්ද රාජපක්ෂ පාලන සමයේ නිකුත් කළ එකක් බවටද අනාවරණ වුණා.

මේ අතර බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම සාධාරණ අයුරින් ඉටු නොවන බව පවසමින් ඒකාබද්ධ විපක්ෂය අද පෙරවරුවේ කොළඹ මහ බැංකු සංකීර්ණය ඉදිරිපිට විරෝධතාවකටද සූදානම් වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories