Update - කළුතර වෙඩි තැබීමෙන් මියගිය ගණන තවත් ඉහළට

Monday, 27 February 2017 - 9:32

Update+-+%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කළුතර - එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට අද උදෑසන එල්ලවූ වෙඩි ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව හත දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, රෝහල් ගතකර සිටි බන්ධනාගාර නියාමකවරයෙකුද මීට ටික වේලාවකට පෙර මියයෑමත් සමගයි.

සිද්ධියෙන් තුවාල ලැබූ තවත් තුන්දෙනෙකු නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

වෙඩි තැබීම සිදුවූ අවස්ථාවේදී  පාතාල කල්ලි නායකයෙකු වන අරුණ උදය ශාන්ත පතිරණ හෙවත් සමයං ඇතුලු හයදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඊට බන්ධනාගාර නිලධාරියෙකුද අයත්.

කළුතර - ජාවත්ත බන්ධනාගාරයේ සිට රැඳවියන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවක් සඳහා රැගෙන එන අතරතුර රථයකින් පැමිණි පිරිසක් මාර්ගය හරස් කර බන්ධනාගාර බස් රථය නවතා මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

Update - Monday, February 27, 2017 10.48 am
-------------------------------------------------------------

වෙඩි තැබීමකින් පාතාල කල්ලි සාමාජිකයෙකු වන අරුණ උදය ශාන්ත පතිරණ හෙවත් සමයං ඇතුලු හයදෙනෙකු මියගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද උදෑසන නඩුවක් සඳහා කළුතර බන්ධනාගාරයේ සිට කඩුවෙල අධිකරණය දක්වා පැමිණෙමින් සිටින අතරතුර බන්ධනාගාර බස් රථයට මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවයි.

කැබ් රථයකින් පැමිණි පිරිසක් මාර්ගයේ ගමන් ගත් බන්ධනාගාර බස් රථය හරස් කර නතර කොට මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබෙනවා.

සිද්ධියෙන් මියගිය අය අතර බන්ධනාගාර නිලධාරියෙකුද වන බවයි පොලීසිය සඳහන් කළේ.

චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් පාතාල කල්ලි නායකයෙකු ලෙස ප්‍රචලිත සමයංට එරෙහිව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වන අතර ඔහු එම අධිකරණයෙන් අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා.

නවගමුව පොලිස් බල ප්‍රදේශය ඇතුලු  ප්‍රදේශ කිහිපයක මනුෂ්‍ය ඝාතන තුනක් සහ ඝාතන දෙකක් සිදුකිරීමට තැත් කිරීම, ටී 56 ගිනි අවියක් සන්තකයේ තබාගැනීම ඇතුලු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ඔහුට විරුද්ධව නඩුවක් විභාග වනවා.

පසුගිය 2015 වසරේ සැප්තැම්බර් මස 23 වනදා මෙම නඩුව සඳහා සැකකරු ඉදිරිපත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් ගංගොඩවිල අධිකරණ භූමිය වෙත රැගෙන ආ අවස්ථාවේදී මොහුට වෙඩි තැබීමක්ද සිදුවුණා.

මියගිය සමයං 30 හැවිරිදි වියේ පසුවන කඩුවෙල - රනාල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධියෙන් තවත් 04 දෙනෙකු තුවාල ලබා කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියේ.

Update - Monday, February 27, 2017 9.46 am
-----------------------------------------------------------------

කළුතරදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

එහිදී ප්‍රභල පාතාල සාමාජිකයෙකු බව සැලකෙන අරුණ උදය ශාන්ත හෙවත් "සමයං" නමැති පුද්ගලයා තුවාල ලබා තිබෙනවා.

ඊට අමතරව බස් රථයේ සිටි එක් අයෙක් මියගොස් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories