කළුතරදී බන්ධනාගාර බස් රථයකට වෙඩි - පාතාල නායක සමයං ඇතුලු හතක් මරුට, බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුත් ඒ අතර (ඡායාරූප)

Monday, 27 February 2017 - 12:59

%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B6%AD%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+-+%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B6%BA%E0%B6%82+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%94+%E0%B7%84%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7%2C+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%92+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කළුතර බන්ධනාගාරයට ආසන්නයේදී බන්ධනාගාර බස් රථයකට අද උදෑසන එල්ලවූ වෙඩි ප්‍රහාරයෙන් පාතාල කල්ලි නායකයෙකු වන අරුණ උදය ශාන්ත පතිරණ හෙවත් සමයං ඇතුලු හත්දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.  

මියගිය අය අතර බන්ධනාගාර ජේලර්වරයෙකු සහ නියාමකවරයෙකුද සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

අද උදෑසන 8.30 ට පමණ කැබ් රථයකින් පැමිණි පිරිසක් රැඳවියන් රැගෙන යමින් තිබූ බස් රථය මුලින් හරස් කර තිබෙනවා.

පසුව අසළ  වන  ලැහැබක සිටි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

මෙහිදී රැඳවියන්ගේ ආරක්ෂාව සඳහා ඉදිරියෙන් ගමන් කළ බන්ධනාගාර බස් රථයටද ඔවුන් වෙඩි තබා ඇති බව පොලීසිය කියා සිටියා.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් තුන්දෙනෙකු කළුතර - නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඉන් එක් අයෙකු සැත්කමකට භාජනය කර තිබෙනවා.  

එමෙන්ම තුවාල ලබා බරපතල තත්ත්වයේ පසුවන එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බවයි නාගොඩ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

වෙඩි තැබූ ස්ථානය කළුතර බන්ධනාගාරයට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටා ඇති අතර, රැඳවියන් සිටි බස් රථයේ වීදුරු ඇතුළත නොපෙනෙන ලෙස කළු පැහැ ගන්වා තිබූ බවයි බන්ධනාගාරයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ.

ඒ අනුව අදාල වෙඩි ප්‍රහාරය පෙර සැළසුමකට අනුව සිදුකර ඇති බව සිද්ධිය පිළිබඳ විමර්ශන සිදුකරන කළුතර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු කියා සිටියා.

මෙම වෙඩි තැබීමෙන් සමයංට අමතරව සන්තක චලන තිලක් මල්ලිකාගේ, කෝරළගේ අමිල ප්‍රසන්න සම්පත්, වාද්දුව පතිරගේ කැළුම් ප්‍රියංකර, ළිඳමුලගේ සුරංග ප්‍රසන්න කුමාර යන රැඳවියන් ජීවිතක්ෂයට පත්වුණා.

මීට අමතරව කළුතර බන්ධනාගාරයේ ජේලර්වරයෙකු වන එස්.ආර්. විජේරත්න සහ එස්. සන්නිගම් නැමති බන්ධනාගාර නියාමකවරයාද සිද්ධියෙන් මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළේ.

වෙඩි ප්‍රහාර කිහිපයක් අසළ පිහිටි නිවෙස්වලටද එල්ලවී තිබෙනවා.  

සිද්ධිය වන අවස්ථාවේදී අරුණ උදය ශාන්ත පතිරණ හෙවත් සමයං ඇතුලු රැඳවියන් පස්දෙනෙකු නඩු කටයුත්තක් සඳහා අද උදෑසන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන යමින් සිටියා.

ඒ, නවගමුව පොලිස් බල ප්‍රදේශය ඇතුලු ප්‍රදේශ කිහිපයක මනුෂ්‍ය ඝාතන තුනක් සහ ඝාතන දෙකක් සිදුකිරීමට තැත් කිරීම මෙන්ම ටී 56 ගිනි අවියක් සන්තකයේ තබාගැනීම ඇතුලු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුවක් සඳහායි.

පසුගිය 2015 වසරේ සැප්තැම්බර් මස 23 වනදාද මෙම නඩුව සඳහා සැකකරු ඉදිරිපත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් අධිකරණ භූමිය වෙත රැගෙන ආ අවස්ථාවේදී මොහුට වෙඩි තැබීමක්ද සිදුවුණා.

එහිදී ඔහු තුවාල ලැබූ අතර, ඉන් අනතුරුවයි මොහු අධිකරණ සංකීර්නයට පැමිණෙන තුරු විශේෂ ආරක්ෂාවක් ලබාදී තිබුණේ.

කළක සිට පාතාල කල්ලි  දෙකක් අතර ඇතිවූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සැක කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කළා.




 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories