කුරුණෑගල - මාවතගම ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම මුදල් කොල්ලකෑම සඳහා සිදුකළ එකක් බව අනුමාන කළ හැකි සාධක ලැබී ඇති බව පොලීසිය පවසනවා.
මියගිය ව්‍යාපාරිකයාගේ කැබ් රථය තුළ තිබූ මුදල් සහිත පෙට්ටි දෙකක් අතුරුදන්වී ඇති බවයි පරීක්ෂණ මෙහෙයවන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.
මාවතගම - ගල්පොත්තවත්ත ප්‍රදේශයේදී මෙම ව්‍යාපාරිකයා වෙඩි තබා ඝාතනය කෙරුණේ ඊයේ රාත්‍රී 9.45 ට පමණයි.
ඔහු තමන්ට අයත් රට බීම අලෙවිසැලක් වසා දමා යළි නිවසට යමින් සිටින අතරතුර වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණා.
ආරක්ෂිත හිස් වැසුම් පැළඳ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවටයි මූලික පරීක්ෂණවලදී හෙලිවුණේ.
ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා මාවතගම ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරීවරයාගේ මෙහෙයවීමෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් ද පත් කර තිබෙනවා.
එම නිලධාරීන් මේ වනවිට දසදෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්.
එමෙන්ම ඝාතනය සිදුවූ ස්ථානය අවට සී සී ටී වී දත්ත පරීක්ෂා කිරීමේ කටයුතු අද දිනය තුළ සිදුකරන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

Follow US
Most Viewed Stories