ආබාධිත රණවිරුවන් ජනාධිපති කාර්යාලයට

Monday, 27 February 2017 - 13:15

%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7
සේවා විශ්‍රාම වැටුපක් ලබාදෙන ලෙස ඉල්ලමින් කොළඹ - කොටුව දුම්රියපල ඉදිරිපිට උපවාසයේ නිරත විශ්‍රාමික ආබාධිත රණවිරුවන් පිරිසක් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයට සාකච්ඡාවක් සඳහා ගොස් තිබෙනවා.

අද පෙරවරුවේ මොවුන් කොළඹ - කොටුව දුම්රියපල ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පා ගමනින් පැමිණි අතර පසුව මොවුන්ගෙන් හත් දෙනෙකුට අදාළ සාකච්ඡාව සඳහා ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය තුළට  යාමට ඉඩ ලබාදී ඇති බව සඳහන්.

එම සාකච්ඡාව මේවනවිටත් පැවැත්වෙන අතර විශ්‍රාමික ආබාධිත රණවිරුවන් පිරිසක් ලෝටස් මාවත අවහිර වන ආකාරයෙන් මාර්ගයේ හිඳගෙන  සිටීම හේතුවෙන් ලෝටස් මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා.  

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories