රජයේ වෛද්‍යවරුන් අද මධ්‍යම පළාත තුළ වැඩ වර්ජනයේ

Tuesday, 28 February 2017 - 7:43

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව රජයේ වෛද්‍යවරුන් අද මධ්‍යම පළාත තුළ පැය 4ක සංකේත වර්ජනයක් ආරම්භ කරනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ උදෑසන 8 සිට දහවල් 12 දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

වයඹ පළාතේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන් ඊයේ ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය අද පෙරවරු 8න් අවසන් වනවා.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍යවරුන් සිය විරෝධතා ක්‍රියාමාර්ග ඌව පළාතෙන් ආරම්භ කළේ පසුගිය 21 වන දායි.

පසුව එය දකුණු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල ද ක්‍රියාත්මක කළා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories