ජනපති, සී - ෂෙල්ස් ජනපති හමුවේ

Tuesday, 28 February 2017 - 8:01

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B7%83%E0%B7%93+-+%E0%B7%82%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
මෙරට මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙලට සිය රටේ උපරිම සහය ලබාදෙන බවට සී - ෂෙල්ස් ජනාධිපති ඩැනී ෆවුරේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත සහතික වී තිබෙනවා.

මෙරට සංචාරයක නිරත සී - ෂෙල්ස් ජනාධිපති සහ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර ඊයේ සාකච්ඡාවක් පැවැත්වුණා.

ඒ, ජනාධිපති නිළ නිවසේ දීයි. එහිදී මෙරට මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙල අගය කළ සී - ෂෙල්ස් ජනාධිපතිවරයා බුද්ධි සේවා තොරතුරු හුවමාරු කර ගැනීම ආදී ක්ෂේත්‍ර සඳහා සහාය ලබාදීමට ද එකඟ වී තිබෙනවා.

මත්ද්‍රව්‍ය විරෝධී සටනට මෙවන් මිත්‍ර රාජ්‍යයක සහාය හිමිවීම පිළිබදව සතුට පළ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මත්ද්‍රව්‍ය උවදුර මැඬලීමට සියලු මිතුරු රාජ්‍යයන් එක්විය යුතු බව එහිදී අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ.

මෙරට නීති ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය රට තුළ ඉමහත් ඇගයීමකට ද ලක්ව ඇති බව ද එම සාකච්ඡාවේදී සී - ෂෙල්ස් ජනාධිපති ඩැනී පවුරේ අවධාරණය කර තිබෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories