හිරු ප්‍රාදේශීය මාධ්‍යවේදියාට පහර දුන් වැලි ව්‍යාපාරිකයා අත්අඩංගුවට

Tuesday, 28 February 2017 - 8:48

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මහවැලි ඟගේ නීතිවිරෝධීව සිදුකරන වැලි ජාවාරමක් වාර්තා කළ මහියංගනය හිරු ප්‍රාදේශීය වාර්තාකරුට පහර දුන් වැලි ජාවාරමේ නිරත ව්‍යාපාරිකයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැලි ජාවාරම හේතුවෙන් මහියංගන - වේරගංතොට පාලම අවදානමට ලක්ව ඇති බවට මහියංගනය හිරු ප්‍රාදේශීය මාධ්‍යවේදී රංජිත් කරුණාජීව අනාවරණ කළ අතර එය පසුගිය වසරේ සැප්තැම්බර් 21 වන දා හිරු ප්‍රවෘත්ති තුළින් වාර්තා කළා.

අත්අඩංගුවට ගත් සැකකරු 48 හැවිරිදි වියේ පසුවන අතර, මොහු ප්‍රදේශයේ මහා පරිමාණ වැලි ගොඩ දැමීම් සිදුකරන ව්‍යාපාරිකයෙක්.

හිරු අනාවරණයත් සමඟ තමන්ට වැලි ගොඩ දැමීම සඳහා අවසර නොලැබුණු බවට ප්‍රකාශ කරමින් අප මාධ්‍යවේදියාට සැකකරු ඊයේ පහර දෙනු ලැබුවේ වේරගංතොට පාලම අසළ වෙළඳසැලකදියි.

පහරකෑමෙන් තුවාල ලැබූ මහියංගනය හිරු ප්‍රාදේශීය වාර්තාකරු රංජිත් කරුණාජීව මහියංගනය රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහු හසලක පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළා.

ඒ අනුව සැකකරු පොලීසිය මගින් අත්අඩංගුවට ගත් අතර ඔහු අද දිනයේ මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories