වැස්ස ගැන කාලගුණයෙන් නිවේදනයක්

Tuesday, 28 February 2017 - 16:24

%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මාර්තු මස 2 වනදා සිට 4 වනදා දක්වා දිවයිනේ පවතින වැසි තත්වයේ තවදුරටත් වර්ධනය වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් ප්‍රකාශ කලේ ශ්‍රී ලංකාව ආසන්න වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් වැසි ඇති වන බවයි.

එමෙන්ම දිවයින හරහා සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තරමක් තද සුළං ද ඇතිවිය හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කලා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතන අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනවා.

නැගෙනහිර / ඌව / දකුණ / සබරගමුව / මධ්‍යම සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ට වඩා වැඩි තද වැසි ද ඇතිවීමේ හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories