කළුතර වෙඩි තැබීමෙන් මියගිය රැදවියෙකුගේ ඥාතීන්ට තර්ජන

Wednesday, 01 March 2017 - 13:03

%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A5%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1
බන්ධනාගාර බස් රථයට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය කඩුවෙල - කොරතොට ප්‍රදේශයේ පදිංචි බන්ධනාගාර රැදවියෙකුගේ දේහය භාර ගැනීමට ඔහුගේ පවුලේ කිසිවෙකු මෙතෙක් ඉදිරිපත් වී නොමැති බවට වාර්තා වනවා.

එම ප්‍රදේශයේ තවත් පාර්ශවයකින් ඥාතීන්ට බලපෑම් එල්ල වීම ඊට හේතුවී ඇති බව සදහන්.

මියගිය සමයංගේ දේහය කැළණිය පට්ටිවල ප්‍රදේශයේ නිවසක තැන්පත් කර ඇති අතර අනෙක් රැදවියන් තිදෙනාගේ දේහයන් කඩුවෙල - කොරතොට - අල්විස්වත්ත, මුතුලන්ද වත්ත සහ කෝංගහහේන ප්‍රදේශවල පිහිටි ඔවුන්ගේ නිවෙස්වල තැන්පත් කර තිබෙනවා.

මේ අතර, ඝාතනයට පැමිණි සැකකරුවන් පිළිබද වැඩිදුර තොරතුරු අනාවරණ කර ගැනීම සදහා පොලිසිය දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ පිවිසුමේ සහ කළුතර බන්ධනාගාරය අවට පිහිටි සී.සී.ටී.වී කැමරා දර්ශන පරික්ෂාවට ලක් කෙරෙමින් පවතින බව ද වාර්තා වනවා.

ඝාතනය සිදුවූ අවස්ථාවේ බස් රථය තුළ දර්ශන පෙළක් පහතින්.

සංවේදී පුද්ගලයන් නැරඹීමෙන් වළකින්න






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories