වැලිකඩ බන්ධනාගාරයේ වෙඩි තැබීමෙන් මියගිය 16 කට සහ තුවාල වූවන් 21 කට රජයෙන් වන්දි

Wednesday, 01 March 2017 - 13:38

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%A9+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+16+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+21+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92
2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ වෙඩි තැබීමේ සිද්ධියෙන් මියගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් වන්දි ප්‍රධානය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව මෙම සිද්ධියේදී මියගිය රැදවියන් 16 දෙනෙකුට රුපියල් ලක්ෂ 20 බැගින් වන්දි හිමිවනු ඇති.

එමෙන්ම, මෙම සිද්ධියේදී තුවාල ලැබූ රැදවියන් 20 දෙනාට සහ බන්ධනාගාර නිලධාරියාට රුපියල් ලක්ෂ 05 බැගින් වන්දි හිමිවන බවයි කොළඹ අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශ අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ.

කෙසේ වෙතත්, ප්‍රහාරයෙන් මියගිය රැදවියන් 11 දෙනෙකුට වන්දි ලබානොදීමට තීරණය වී තිබෙනවා.

ඒ බන්ධනාගාරයෙන් පැන යාම හේතුවෙන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories