ඌව - වෙල්ලස්ස නිදහස් අරගලයට පණ පෙවූ 82ක් ජාතික විරුවන් වෙයි (ඡායාරූප)

Wednesday, 01 March 2017 - 16:56

%E0%B6%8C%E0%B7%80+-+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AB+%E0%B6%B4%E0%B7%99%E0%B7%80%E0%B7%96+82%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
1818 දී ඌව - වෙල්ලස්ස නිදහස් අරගලයට දායකවීම නිසා ඉංග්‍රීසින් විසින් මරණ දඬුවම නියම කළ සහ රටින් පිටුවහල් කළ විරුවන් අසූ දෙදෙනෙකු දේශප්‍රේමීන් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් පත්‍රයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මීට සුළු මොහොතකට පෙර අත්සන් කළා.

ඒ, මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික මගුල් මඩුව කේන්ද්‍ර කරගනිමින් සාම්ප්‍රදායනුකූල චාරිත්‍රවලට අනුකූලව පැවැත්වෙන උත්සවයේදියි.

1818 උඩරට කැරැල්ල මෙහෙයවූ කැප්පෙටිපොල මහාධිකාරම්, කිරුළේ ගෙදර මොහොට්ටාල, බූටෑවේ රටේ රාළ ඇතුලු වීරවරයන් 49 දෙනෙකුට මරණ දඬුවම නියම කළා.

එසේම පිළිමතලාවේ අධිකාරම්, කොහුකුඹුරේ රටේ රාල ඇතුලු තිස් දෙදෙනෙකු මුරුසි දිවයිනට පිටත් කර යැවූ බව ද සඳහන්.  

ඌව - වෙල්ලස්ස කැරැල්ලට නායකත්වය ලබාදුන් කැප්පෙටිපොළ අධිකාරම් ඇතුළු 19 දෙනෙකු ජනාධිපතිවරයා විසින් මීට පෙර රණශූරයන් ලෙස නම් කළා.

ජනාධිපතිවරයා විසින් අත්සන් කල ගැසට් පත්‍රයට අනුව කැප්පෙටිපොළ මහ අධිකාරම් / කිවුලේගෙදර මොහොට්ටාළ / බුටාවේ රාළ / මඩුගල්ලේ උඩගබඩා නිළමේ / අප්පුරාළ ආරච්චිල / අප්පුහාමි ආරච්චිලා / අරම්පොළ (ලොකු) මොහොට්ටාල / අලුත්නුවර අප්පුවා / අලුත්නුවර නයිදේරාළ / අලුවිහාරේ නිළමේ / ඇල්ලේපොල මහ නිළමේ / ඉඩමේගම ගංඇතිරාළ / ඊරියගම කලුබණ්ඩා / උඩ පළාතේ විදානේ / කලුගල්පිටියේ විදානේ / කින්දි මැණිකා දුරයා / කිරිනයිදා (පළමුවන) / කිරිනයිදා (දෙවන) / කිරිමින්දා / කුඩා බදුලුගම්මන රටේ රාළ / කුම්බාකැලේ ශිල්පා / කේතුකුරාළ / කොටබෝවේ මාගල්අරාවේ මොහොට්ටාල / ගණිතා (ඌව)  / තැන්නේවත්තේ දිසාව / දියකැළේ පිහනරාළ / දීගොල්ලේ රටේ රාළ / දෙවිදිය රටේ රාළ / දැවගොල්ලේ හොඳහාමි / නින්දගමේ ඩිංගා / ටිකිරාළ හෙවත් කඳුකර ආරච්චි / ටිකිරි රාළ / පෑලව මහදුරයා / පුංචා - පිංචි / පොල්ගහ ගෙදර පිහනරාළ / බොරගොල්ලේ මොහොට්ටාල / බෝධිමලුවේ විදානේ / මඩුගල්ලේ අරුමා / මඩුගල්ලේ ගංඇති රාළ / මඩුගල්ලේ පුංචිරාළ / මාවතගම නිළමේ / මැදගස්තලාවේ බස්නායක රාළ / වදවෙල මොහොට්ටාළ / වෙල්අරාවේ රටේරාළ / සේදරා / හක්මන තැන්නවත්තේ නිළමේ / හන්නස්ගෙදර මොහොට්ටාළ / හල්ඔලුවේ කුඩා සට්ටම්බි / හිග්ගහලන්දේ විදානේ යන වීරවරයන් ජාතික  වීරයන් ලෙසට නම්වනු ඇති.

එමෙන්ම ඉංග්‍රීසි පාලනය විසින් රාජද්‍රෝහීන් ලෙස නම් කර මුරුසි දිවයිනට පිටුවහල් කල කැටකුඹුරේ හිටපු රටේ මහත්තයා / කොහුකුඹුරේ රටේ රාළ / දෙමෝදර මොහොට්ටාළ / පිළිමතලාවේ නිළමේ / අඹගස්පිටියේ ලේකම් / අමුණුගම හිටපු කුනම් මඩුවේ ලේකම් / ඉහගම උන්නාන්සේ / ඊරියගම නිළමේ / ඊරියගම රටේ මහත්මයා / කැටකැලේ මොහොට්ටාල / කුරුකොහෝගම කිරිබණ්ඩා / කෙම්පිටියේ කෝරාළ / ගලගොඩ කෝට්ටේ දිසා මහත්මයා / ගොඩේගෙදර අධිකාරම් / තලගුණේ වන්නකු නිළමේ /  දන්ගමුවේ මොහොට්ටාල / දේදුනුපිටියේ මොහොට්ටාල / දොඩම්වල බණ්ඩා / පිටවල ලේකම් මහත්මයා / මත්තේමගොඩ තමන්කඩුව දිසාව / මත්තේමගොඩ තුන්කෝරළේ දිසාව / මීගහපිටියේ රටේරාළ / මීවතුරේ හිටපු ලේකම් / රහුපොළ පිහනරාල / වත්තෙකැලේ මොහොට්ටාල / වල්පලාගොල්ලේ මුහන්දිරම් / වෑත්තෑවේ හිටපු රටේ මහත්මයා / හාපත්ගමුවේ (ලොකු) මොහොට්ටාල /  හාපත්ගමුවේ (කුඩා) මොහොට්ටාල / කනවැරැල්ලේ රටේ රාළ (පිටුවහල් කිරීමට පෙර මියගොස් ඇත) / කරනේ රටේ රාළ (මරණ දඩුවම නියම කර පසුව පිටුවහල් කිරීමට නියම කර තිබේ) / කුරුගහගම කිරිබණ්ඩා (මරණ දඩුවම නියම කර පසුව පිටුවහල් කිරීමට නියම කර තිබේ) යන පිරිස ද ජාතික වීරයන් ලෙසට නම්වනු ඇති.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories