ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා රැගෙන ආ බවට සැකකරන ගිනි අවි දෙකක් සහ ජීව උණ්ඩ 10 ක් ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය තුල තිබී අද සොයාගත්තා.
අදාළ ගිනි අවි අතර චීනයේ නිෂ්පාදිත පිස්තෝලයක් සහ රිවෝල්වරයක් තිබූ බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
කළුතර බන්ධානාගාර බස් රථයකට එල්ල වූ ප්‍රහාරයෙන් පසු අධිකරණ භූමි තුල ආරක්ෂාව වැඩි කර ඇති අතර, ඒ අනුව විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා අද පෙරවරුවේ ගල්කිස්ස අධිකරණ භූමිය පරීක්ෂාවට ලක් කිරීමේදී බෑගයක දමා ගෙනවිත් තිබූ මෙම ගිනි අවි සහ උණ්ඩ සොයාගෙන තිබෙනවා.
පසුව අධිකරණ කටයුතු අත්හිටුවා පැමිණ සිටි පිරිස පරීක්ෂා කළ අතර සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබුණේ නැහැ.
පොලිසිය සඳහන් කළේ කුරුණෑගල උප පොලිස් පරීක්ෂක ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු වන හැරල්ඩ් රොහාන් ද සිල්වා හෙවත් රත්මලානේ රොහා නමැති පුද්ගලයා ඝාතනයට මෙම ගිනි අවි රැගෙන ආවේදැයි සැකයක් පවතින බවයි.
නඩු කටයුතු පැවැත්වෙන අතරතුරදී එම ගිනි අවි බහා තිබූ බෑගය අධිකරණ ශාලාවේ සිටි පුද්ගලයෙකු දැක ඇති බව පොලිසිය සඳහන් කළා.
එම අවස්ථාවේදී කුරුණෑගල උප පොලිස් පරීක්ෂක ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු වන හැරල්ඩ් රොහාන් ද සිල්වා නොහොත් රොහා නැමැත්තා අධිකරණ ශාලා සිර මැඳිරියේ සිටි බව අප වාර්තාකරු සඳහන් කළා.
පොලිස් නිල සුනඛයින්ද කැඳවා අනතුරුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කළා.
කෙසේ වෙතත්, පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කළුතරදී ඊයේ සැකකරුවන් ඉල්ක්ක කරගනිමින් බන්ධනාගාර බස් රථයකට එල්ලවූ ප්‍රහාරයෙන් පසු අධිකරණ භූමියන්හි ආරක්ෂාව තහවුරු කළ බවයි.
ඒ අනුව අද පෙරවරුවේ විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය පරීක්ෂා කරන අවස්ථාවේදී මෙම අවි 2 සොයාගත් බව එම නිවේදනයේ සඳහන්.

Follow US
Most Viewed Stories