සමයං නැමති පාතාල සාමාජිකයා ඇතුලූ හත්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු රැසක් අනාවරණ වී ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.
සැකකරුවන් පලාගිය වෑන් රථයේ තිබී හිසකෙස් සහ වෙඩි තැබූ ස්ථානයේ තිබූ ශාකවල කොටස් කිහිපයක් හමුවී ඇති අතර, ඒ ඔස්සේ විද්‍යාත්මක පරික්ෂණ ද ආරම්භ කර ඇති බවයි වාර්තාවන්නේ.
සැකකරුවන් පැමිණි වෑන් රථය හොරණ - මොරගහහේන ප්‍රදේශයේ දමා ගොස් තිබියදී ඊයේ සොයාගත්තා.
පරීක්ෂනවලදී අනාවරණ වුණේ වෑන් රථය කටුනායක ගුවන් තොටුපල වෙත කුලී ගමනක් යන මුවාවෙන් රැගෙන ගොස් මරදාන ප්‍රදේශයේදී රියදුරාට මත්ද්‍රව්‍ය මිශ්‍ර බීම වර්ගයක් පානය කරවා සැකකරුවන් එය පැහැරගෙන ගොස් ඇති බවයි.
එසේම වෑන් රථය දමා ගොස් තිබූ ප්‍රදේශය ආසන්නයේ කර්මාන්තශාලාවක් ද අද පොලිස් විශේෂ කාර්ය බලකාය පරීක්ෂා කළේ එහි සැකකරුවන් රැඳී සිටි බවට මතුවූ සැකයක් මතයි.
මේ අතර ප්‍රබල අපරාධකරුවන් අධිකරණය වෙත රැගෙන යාමේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබාගැනීම කෙරෙහි අවධානය යොමුව ඇති බව බන්ධනාගාර අමාත්‍යාංශය සඳහන් කළා.

Follow US
Most Viewed Stories