ටොප් ටෙන් 9 වන පැමිණිල්ල ඇමති රාජිතට එරෙහිව

Wednesday, 01 March 2017 - 18:11

%E0%B6%A7%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A+%E0%B6%A7%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+9+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80
ඒකාබද්ධ විපක්ෂය මගින් ක්‍රියාත්මක ටොප් ටෙන් 9 වන පැමිණිල්ල සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව අද ඉදිරිපත් කෙරුණා.

ඒ, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතයි.

ඇමතිවරයා පිළිකා එන්නත් ගෙන්වීමේදී සිදුකළ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සහ පසුගිය රජය සමයේ ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමේදී කළ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් ඊට පදනම් කරගෙන තිබුණා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා කියා සිටියේ පිළිකා රෝගය සඳහා ගෙන්වන ඖෂධයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මූල්‍ය අක්‍රමිකතා සිදුකර ඇති බවයි.

කෙසේ වෙතත් තමන්ට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරමින් අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාලනයේ සිටියදී අදාළ මූල්‍ය අක්‍රමිකතා සිදුකර ඇති බවයි.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලූත්ගමගේ කියා සිටියේ තවත් අමාත්‍යාංශ හයක වංචා දූෂණ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයට තොරතුරු ලැබී ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories