බැදුම්කර ගැන සොයන ජනපති කොමිසම පැය තුනක් මහ බැංකුවේ

Wednesday, 01 March 2017 - 19:09

%E0%B6%B6%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A
ආන්දෝලනාත්මක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබදව සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ සාමාජිකයින් අද මහ බැංකුවේ නිරික්ෂණ චාරිකාවක නිරත වුනා.

ඒ අද පෙරවරුවේ මහබැංකුවේ සිදුවූ රුපියල් මිලියන 24,000ක බැඳුම්කර වෙන්දේසිය සිදුවන ආකාරය පිළිබඳව සොයා බැලිමටයි.

කොමිසමේ සාමාජිකයන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න එස්. ජයවර්ධන සහ විශ්‍රාමික නියෝජ්‍ය විගනකාධිපති කේ. වේළුපිල්ලේ මෙම නිරික්ෂණ චාරිකාවට එක්ව සිටියා.

එමෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ නිතීඥවරුන් පිරිසක් මෙන්ම පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වෙනුවෙන් නීතිඥයෙකු ද මෙම අවස්ථාවට එක්ව තිබෙනවා.

අද පෙරවරු 08.30 ට ඔවුන් මහා බැංකුවට පැමිණි අතර ඉන් ඔවුන් පිටත්ව යනු ලැබුවේ පැය 3 කට පසුවයි.  

බැදුම්කර  නිකුතුව සම්බන්ධයෙන් විමර්ශන කරන කොමිසමට හෙට මහා බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ අචාර්ය මොහොමඩ්  සෙයිඩ් සාක්ෂි විමසීම සඳහා කැදවා තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories