නිදහස් පක්ෂයේ විධායක, මධ්‍යම සහ සමස්ත ලංකා කාරක සභා අද රැස්වෙයි

Thursday, 02 March 2017 - 7:07

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%2C+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පක්ෂයේ ඉදිරි ප්‍රතිසන්ධාන කටයුතු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරෙන බවයි.

මේ අතර නිදහස් පක්ෂයේ විධායක සභාවට සහ සමස්ත ලංකා කාරක සභාවට සහභාගි නොවීමට, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් තීරණය කර තිබෙනවා.

ඊයේ පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මිරිහානේ පිහිටි නිවසේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹි බවයි  පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන කියා සිටියේ.

පක්ෂයට සහය නොදක්වන ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණයක් ගන්නා බව සන්ධාන මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මීට පෙර ප්‍රකාශ කර තිබුණා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories