නව අගවිනිසුරු ලෙස ප්‍රියසාද් ඩෙප් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

Thursday, 02 March 2017 - 9:05

%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%8A+%E0%B6%A9%E0%B7%99%E0%B6%B4%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අද උදෑසන දිවුරුම් දී තිබෙනවා.

ඔහු මෙරට 45 වන අගවිනිසුරුවරයා වනවා.

නව අගවිනිසුරු දිවුරුම් දීම අද පෙරවරුවේ සිදු කෙරුණේ ජනාධිපති නිල නිවසේදීයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන ප්‍රියසාද් ඩෙප් මහතා 2007 වසරේ සිට 2011 දක්වා රජයේ සොලිසිටර් ජනරාල් ධුරය
හොබවා තිබෙනවා.

වැඩබලන අගවිනිසුරුවරයා ලෙසද කිහිප වරක් කටයුතු කර ඇති ඔහු අගවිනිසුරු ධූරයේ දිවුරුම් දුන්නේ කේ. ශ්‍රීපවන් මහතාගේ විශ්‍රාම යාමත් සමගයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories