ගලේවෙල නිදන් හෑරූ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Friday, 03 March 2017 - 10:03

%E0%B6%9C%E0%B6%BD%E0%B7%9A%E0%B7%80%E0%B7%99%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%91%E0%B6%BB%E0%B7%96+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කටයුතු කළ බව කියන සැකකරුවන් දෙදෙනෙකු ගලේවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ලද තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකදී ගලේවෙල - ඇතාකාපු යාය ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔවුන් සතුව තිබී කැණීම් සදහා යොදා ගන්නා උපකරණ සහ පූජා භාණ්ඩ තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් හොරොව්පතාන සහ ගලේවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් දඹුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories