වර්ජනයෙන් බස්නාහිර රෝහල් කටයුතුවලට බාධා - සයිටම් වෙනුවෙන් වෛද්‍යවරුන්ගේ නව පෙරමුණක්

Friday, 03 March 2017 - 12:11

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F+-+%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ බස්නාහිර පළාත් වෛද්‍යවරුන් ආරම්භ කළ වැඩවර්ජනය පැය 24 ක කාලයක් දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ හේතුවෙන් බස්නාහිර පළාත තුළ ඇති රෝහල් බොහෝමයක වැඩ කටයුතු අඩාල වී ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල, මහරගම පිළිකා රෝහල, ද සොයිසා කාන්තා රෝහල යන රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක නොවන බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක සමන්ත ආනන්ද කියා සිටියේ.

කොළඹ ජාතික රෝහලේ කටයුතුවලට ද වර්ජනය හේතුවෙන් බාධා එල්ල වී ඇති බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

මේ අතර, සයිටම් ආයතනය වෙනුවෙන් පෙනී සිටින නව වෛද්‍ය පෙරමුණක් බිහිවී තිබෙනවා.

අධ්‍යාපනයේ නිදහස සදහා වූ වෛද්‍ය පෙරමුණ යන නමින් පෙනී සිටින ඔවුන් අද උදෑසන මාධ්‍ය හමුවකට එක්වුණා.

එහිදී ඔවුන් කියා සිටියේ රාජ්‍ය විශ්වවිද්‍යාල වරම් නොලැබෙන සිසුන්ට පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට අවස්ථාව හිමිවිය යුතු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories