දුම්රිය ස්ථානාධිපතිවරුන් පැය 48 ක සංකේත වර්ජනයකට සැරසේ

Friday, 03 March 2017 - 13:14

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+48+%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%9A%E0%B6%AD+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
තම ගැටලූ සදහා විසදුම් නොලැබුණහොත් ලබන 7 වනදා මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය දෙසැම්බර් මස 2 වනදා සහ 27 වනදා ප්‍රවාහන බලධාරින් සමග පැවති සාකච්ඡාවලදී ඉදිරිපත් කළ ඉල්ලීම් සදහා මෙතෙක් විසදුම් ලැබී නොමැති බවයි.

ඒ අනුව, පසුගිය 21 වනදා රැස් වූ ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විධායක සභාව ලබන 7 වනදා මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක සංකේත වර්ජනයක නිරත වීමට තීරණය කළ බව ඔවුන් නිවේදනය කළා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories