ලක්ෂ 157 කට වඩා වටිනා මුහුණු ආලේපණ තොගයක් අත්අඩංගුවට

Friday, 03 March 2017 - 13:25

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+157+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B6%BD%E0%B7%9A%E0%B6%B4%E0%B6%AB+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නීති විරෝධීව විවිධ වෙළඳ නාමයන් යටතේ ඇසුරුම් කරමින් තිබු මුහුණු ආලේපන තොගයක් වැල්ලම්පිටියේ ගබඩාවකින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒවායෙහි වටිනාකම රුපියල් ලක්ෂ 157 කට අධික බවයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය නිවේදනය කලේ.

තොග වශයෙන් මෙරටට ගෙන්වන මුහුණු ආලේපන ප්‍රසිද්ධ වෙළඳ නාමයන් 7 ක ඇසුරුම්වලට පුරවමින් වෙළඳපොලට බෙදා  හැරීමේ ජාවාරමක් මෙම ස්ථානයේ පවත්වාගෙන ගොස් ඇතැයි අනාවරණ වී තිබෙනවා.

ඒ පිළිබඳ ලැබුනු තොරතුරකට අනුව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් කල වැටලීමකදීයි මුහුණු ආලේපණ සහ නීති විරෝධී අසුරණ තොගය සොයාගෙන ඇත්තේ.

පාරිභෝගික අධිකාරිය විසින් මුද්‍රා තැබු මුහුණු ආලේපණ තොගයේ රුපියල් 350 බැගින් මිළ කරන ලද අසුරණ 45000 ක් තිබී ඇතැයි සඳහන්.

මෙම ස්ථානය පවත්වාගෙන ගිය සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි කර්මාන්ත හා වාණිජ  කටයුතු අමාත්‍යංශය සඳහන් කලේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories