එන්.ජී. ඕ අවශ්‍යතා අනුව ආණ්ඩු කිරීමට සූදානම් නැතැයි ජනපති කියයි

Saturday, 04 March 2017 - 14:55

%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%A2%E0%B7%93.+%E0%B6%95+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%80+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල අවශ්‍යතා මත ආණ්ඩු කිරීමට හෝ ත්‍රිවිධ හමුදාවට චෝදනා පත්‍ර ගෙන ඒමට සහ නඩු ඇසීමට තමන් සූදානම් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පළාලි ගුවන් හමුදා කඳවුරේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව එහි රැස්ව සිටි ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් අද අමතමින්.

දේශීය සහ විදේශීය වශයෙන් රජයට කුමන චෝදනා එල්ලවුවද මාතෘ භූමියේ නිදහස සහ ස්වාධීනත්වය ආරක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී සඳහන් කළා.

එහිදී මෙරට රණවිරුවන්ට එරෙහිව විදෙස් විනිසුරුවරුන් ගෙන්වා නඩු ඇසිය යුතු බවට පසුගියදා ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා කරන ලද යෝජනාව තමා තරයේ ප්‍රතික්ෂේප කළ ද ජනාධිපතිවරයා කියා සිටියා.

මාතෘභූමියේ නිදහස උදෙසා ජීවිත පරිත්‍යාගයේ කැපවූ රණවිරුවන්ගේ ආරක්ෂාවත් ගෞරවයත් වෙනුවෙන් තම ධුර කාලය තුළ වගකීමෙන් යුතුව පෙනී සිටින බව ද මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළා.

මුදල් පසුපස හඹා යන ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම, පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කරන විරුද්ධවාදී දේශපාලන බලවේග කුමන චෝදනා එල්ල කළත්, රණවිරුවන්ගේ ප්‍රධාන ආරක්ෂකයා තමා බවයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ.   

අද පෙරවරුවේ පළමුව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයට ගිය ජනාධිපතිවරයා එහි හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසමින් සුහද හමුවකට ද එක්වුණා.

එසේම, ජනපතිට කියන්න වැඩසටහනේ ප්‍රථම ප්‍රාදේශීය කාර්යාලය ද උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී අද ආරම්භ කෙරුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories