හෙරොයින් රට තුලට එන අලුත්ම ක්‍රමයක් හෙළිවෙයි (ඡායාරූප)

Saturday, 04 March 2017 - 17:23

%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හෙරොයින් කිලෝ 5 යි ග්‍රෑම් 500 ක් සමග පකිස්ථාන ජාතිකයකු අත්අඩංගුවට ගැනීමත් සමග මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට ජාවාරම්කරුවන් භාවිත කරන සුවිශේෂී ක්‍රමයක් හෙළිවී ඇතැයි පොලිසිය පවසනවා.

අද අලුයම අත්අඩංගුවට ගත් සැකකරු රබර් මිශ්‍රිත කාපට් 3 ක හෙරොයින් සගවා රැගෙනවිත් තිබු බවයි අනාවරණ වී ඇත්තේ.

රබර් ස්ථර දෙකක් මැදට හෙරොයින් යොදා කාපට් එක නිර්මාණය කර අලෙවියේදී එය කැබලිවලට කපා අලෙවි කරන බව සඳහන්.

මත්ද්‍රව්‍ය පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාව මත කාපට් කැබලි අලෙවි කරන අතර එබ කැබලි පිලිස්සීමෙන් අවශ්‍ය හෙරොයින් ප්‍රමාණය පරිභෝජනයට ලබාගන්නා බවයි හෙළිවී ඇත්තේ.

මේ ආකාරයෙන් මත්ද්‍රය ප්‍රවාහනය කල පළමු අවස්ථාව මෙය බවයි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පෙන්වා දෙන්නේ.

මත්ද්‍රව්‍ය ජාවාරමේ ඇති අධික ලාභය හේතුවෙන් විවිධ තාක්ෂණික ක්‍රම භාවිත කර විවිධ පුද්ගලයන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ යෙදී ඇති බවට මෙමගින් පැහැදිළි වන බවයි පොලිසිය සඳහන් කලේ.

සැකකාර පකිස්ථාන ජාතිකයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබාගත් රැඳවුම් නියෝග මත මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories