රුවන්වැල්ලේ අනතුරකින් 3 දෙනෙකු මරුට

Sunday, 05 March 2017 - 6:37

%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+3+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
රුවන්වැල්ල අමිතිරිගල ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් 6 දෙනෙකු අනතුරින් තුවාල ලබා ඇති බවයි පොලිසිය කියාසිටියේ.

ඊයේ සවස 6.45 ට පමණ තල්දුව ඌරාපොළ මාර්ගයේ අමිතිරිගල විහාරස්ථානය අසලදී මෙම අනතුර සිදුව ඇත්තේ වෑන් රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන්.

අනතුරින් බරපතල තුවාල ලැබු 8 දෙනෙකු අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව 3 දෙනෙකු මියගොස් තිබෙනවා.

මරණයට පත්වී ඇත්තේ වෑන් රථයේ රියදුරා සහ එහි ගමන් කල කාන්තාවන් දෙදෙනෙක්.

ඔවුන් යක්කල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවට අනාවරණ වී තිබෙනවා.

තුවාල ලැබු 6 දෙනා අතර කාන්තාවන් 3 දෙනෙකු ද වනවා.

ඉන් එක් කාන්තාවක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බවයි පොලිසිය කියාසිටියේ.

අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories