කුවේටයේදී ශ්‍රී ලාංකිකයෙකු,සහකාරිය ගිනි තබා ඝාතනය කරයි

Sunday, 05 March 2017 - 12:56

%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%2C%E0%B7%83%E0%B7%84%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
කුවේටයේ, කුවේට් සිටි නගරයේදී ශ්‍රී ලාංකිකයෙකු විසින් තවත් ශ්‍රී ලාංකික කාන්තාවක ගිනි තබා ඝාතනය කළ බවට චෝදනා එල්ලවනවා.

පසුගිය සතියේ මෙම සිද්ධිය වාර්තාවී ඇත්තේ නගරයේ මහල් නිවාස සංකීර්ණයකින්.

එහි ඇතිවූ ගින්නක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලීසිය පසුව මෙම ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට ගනු ලැබුවා.

අදාළ ගින්න මැඩැපැවත්වීම සඳහා කුවේට් ගිනි නිවන භටයන් දැඩි උත්සහයක නිරතවූ අතර එම ස්ථානයට ආරක්ෂක අංශ සහ වෛද්‍ය කණ්ඩායම්ද පැමිණ තිබෙනවා.

එහිදී බරපතල පිළිස්සුම් තුවාල ලබා සිටි ශ්‍රී ලාංකික කාන්තාවක රෝහල් ගත කෙරුණු අතර, පසුව ඇය ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඇය සමඟ එම නිවාස සංකීර්ණයේ සිටි බව කියන ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳව පොලීසියේ අවධානය යොමුවූයේ ඉන් පසුවයි.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ අදාළ කාන්තාව ගිනි තබාගෙන දිවි නසාගැනීමට උත්සාහ කළ අතර, ඇය බේරාගැනීමට යත්න දැරීමේදී තමාටද පිළිස්සුම් තුවාල සිදුවූ බවයි.

කෙසේ නමුත් කුවේට පොලීසිය තවදුරටත් ප්‍රශ්න කිරීමේදී ඔහු සිය අපරාධය පිළිබඳව පාපොච්චාරණයක් කර තිබෙනවා.

ඇය නිදා සිටියදී මෙලෙස ඇවිළෙන සුළු ද්‍රාවයක් වත්කොට  ඔහු ගිනි තබා ඇති බවට පොලීසිය අනාවරණ කරගත් බවයි ඇරැබ් ටයිම්ස් පුවත්පත සඳහන් කළේ.

ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයා අධිකරණය හමුවට පැමිණවීමට නියමිත බව එහි වැඩිදුරටත් සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories