දඹුල්ල රෝහලෙන් අලුත් උපත් පාලන ක්‍රමයක්

Sunday, 05 March 2017 - 18:37

%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දින කිහිපයක සිට දඹුල්ල මූලික රෝහලේ ගැබිණි වාට්ටුවේ දරු ප්‍රසූතියෙන් පසු රෝහලෙන් පිටව යන මව්වරුන් සඳහා බලහත්කාරයෙන් උපත් පාලන උපකරණයක් ශරීරයට සවි කරන බවට මව්වරුන් සහ පියවරුන් චෝදනා කළා.

උපකරණය සවි කිරීමට අකමැති මව්වරුන්ට නිවෙස්වලට යාමට නොදී වාට්ටු තුළ අලූත උපන් දරුවා ද සමඟ රදවා ගන්නා බවටයි ඔවුන් කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය දඹුල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී චාල්ස් නුගවෙලගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ මේ පිළිබදව තමන් වෙත පැමිණිලි කිහිපයක් ලැබී ඇති අතර, වහාම ඒ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories