ජනපති හෙට ඉන්දුනීසියාවට

Sunday, 05 March 2017 - 19:01

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වෙන ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෙට ඉන්දුනීසියාව බලා පිටත්ව යාමට නියමිතයි.

ඉන්දියානු සාගර කලාපයේ පිහිටි රාජ්‍යවල තිරසර හා සමබර සංවර්ධනය අරමුණු කර ගනිමිනුයි මෙම සමුළුව පැවැත්වෙන්නේ.

මෙවර එහි තේමාව වී ඇත්තේ ඉන්දියානු සාගරය සාමකාමී, ස්ථාවර සහ සෞභාග්‍යවත් කලාපයක් බවට පත් කිරීම සඳහා සමුද්‍රීය සහයෝගීතාව ශක්තිමත් කිරීමයි.

ජනාධිපතිවරයාගේ මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ධීවර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රයේ ගිවිසුම් දෙකකට ද අත්සන් තැබීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories