මහ බැංකු ණය දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානියා අද බැඳුම්කර කොමිසමට

Monday, 06 March 2017 - 7:26

%E0%B6%B8%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%AB%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
මතභේදාත්මක බැඳුම්කර සිද්ධිය වූ කාලසීමාව තුළ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ දීපා සෙනෙවිරත්න අද බැඳුම්කර කොමිසම හමුවට කැඳවීමට නියමිතයි.

මෙහිදී රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් හිටපු ප්‍රධානියාගෙන් සාක්ෂි විමසීමට නියමිත බවයි වාර්තාවන්නේ.

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ඇය 2015 සැප්තැම්බර් මාසයේදී වෙනත් අංශයක් වෙත මාරුකර යැවුණා.

මේ අතර රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ වත්මන් ප්‍රධානියා ලෙස කටයුතු කරන එස්. සරත්චන්ද්‍ර හෙට බැඳුම්කර කොමිසම හමුවට කැඳවීමට නියමිතව තිබෙනවා.

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ වත්මන් අතිරේක අධිකාරී ඉසෙඩ්  ආසිම් ගෙන් බැඳුම්කර කොමිසම පසුගිය සතියේ සාක්ෂි විමසනු ලැබුවා.

එහිදී අනාවරණ වූයේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මතභේදාත්මක බැදුම්කර නිකුතුව සිදුවූ 2015 පෙබරවාරි මස 27 වනදා දෙවතාවක් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වෙත පැමිණි බවයි.

එමෙන්ම බැඳුම්කර වෙන්දේසියේදී ඉදිරිපත් කර ඇති වාර්තා හිටපු මහ බැංකු අධිපතිවරයා විසින් කෝප් කමිටුව වෙත ඉදිරිපත් කර නොමැති බවටද හෙළිවුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories