Update - දැරණියගල ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට පොලිස් කණ්ඩායම් 5ක්

Tuesday, 07 March 2017 - 7:13

Update+-+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B6%BD+%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+5%E0%B6%9A%E0%B7%8A
දැරණියගල - මාගල ප්‍රදේශයේදී සිදුවූ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායම් 5ක් පත් කර තිබෙනවා.

ඝාතනය සිදුකළ 19 හැවිරිදි සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

තියුණු ආයුධයකින් පහර දී කුඩා දැරියක් සහ පුද්ගලයෙකු ඊයේ රාත්‍රියේ ඝාතනය කර තිබුණා.

මිය ගිය කුඩා දැරියගේ මව ද පහරදීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ වයස අවුරුදු 7ක මාගල ප්‍රදේශයේම පදිංචි කුඩා දැරියක් සහ 45 හැවිරිදි පුද්ගලයෙක්.

Update - Tuesday, March 7, 2017 8.59 am
--------------------------------------------------------

දැරණියගල - මාගල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී කුඩා දැරියක් සහ පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

පොලීසිය සදහන් කළේ ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම පහරදීමෙන් මිය ගිය කුඩා දැරියගේ මව ද බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ වයස අවුරුදු 7ක මාගල ප්‍රදේශයේම පදිංචි කුඩා දැරියක් සහ 45 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම ඝාතනය පෞද්ගලික ආරවුලක් මත සිදුකර ඇති අතර සැකකරු ප්‍රදේශය අතහැර පළා ගොස් තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories