මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයක

Tuesday, 07 March 2017 - 7:38

%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A
ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සමඟ ඊයේ පැවැති සාකච්ඡාව අසාර්ථක වූ බැවින්  අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළඹෙන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.

දුම්රිය සේවයේ පවතින පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙනයි මෙලෙස ඔවුන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර ඇත්තේ.

එහි සභාපති එන්.යූ.කේ. ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ වර්ජනය ක්‍රියාත්මක වුවද කාර්යාල දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙනු ඇති බවයි.

එහෙත් දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සහ ආසන වෙන් කිරීම තමන් සිදුනොකරන බව ඔහු අවධාරණය කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories