ඉන්දීය ධීවරයන්ට වෙඩි තැබූ බවට එල්ල වන චෝදනා නාවික හමුදාව ප්‍රතික්ෂේප කරයි

Tuesday, 07 March 2017 - 13:08

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%80%E0%B6%B1+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඉන්දීය ධීවර යාත්‍රාවලට නාවික හමුදාව වෙඩි තැබීමෙන් ඉන්දීය ධීවරයෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවට එරට මාධ්‍ය පළ කර ඇති වාර්තා ශ්‍රී ලංකා නාවික හමුදාව දැඩි සේ ප්‍රතික්ෂේප කළා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, ලුතිනන් කමාන්ඩර් චමින්ද වලාකුළුගේ කියා සිටියේ නාවක හමුදාව කිසියම් වෙඩි තැබීමක් සිදුකරන්නේ නම්, ඒ සදහා නාවික හමුදාපතිවරයාගේ අවසරය ලබා ගත යුතු බවයි.

එමෙන්ම 2010 වසරේ සිටම නාවික හමුදා අභ්‍යාසවලදී වෙඩි තැබීමක් සිදුකරන විට ඒ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙත දැනුම් දීම ද අවශ්‍යතාවක්.

ඉන්දීය මාධ්‍ය චෝදනා කරන්නේ නාවික හමුදාව කුඩා බෝට්ටුවලින් පැමිණ ඉන්දීය ධීවරයන්ට ප්‍රහාරයක් එල්ල කළ බවටයි.

එහෙත් නාවික හමුදා ප්‍රකාශකයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව සතු කුඩා යාත්‍රා මගී ප්‍රවාහනයට පමණක් යොදා ගන්නා බවයි.

එමෙන්ම එම යාත්‍රාවලට ඈත දියඹේ මෙහෙයුම් සිදුකළ නොහැකි බව ද ඔහු අවධාරණය කළා.

ඉන්දීය ධීවරයින් පිිරිසක් දකුණු ඉන්දියාවේ දනුෂ්කොඩි සහ ශ්‍රී ලංකාවේ කච්චතිව් දූපත අසළ මුහුදු තීරයේ මසුන් මැරීමේ නිරතව සිටියදී ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රහාරයක් එල්ල කර ඇති බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය ලබන ලබන 11 වන දා සහ 12 වන දා පැවැත්වෙන අතර ඒ සඳහා ඉන්දීය ධීවරයන් 5000ක් පමණ පැමිණෙන බව දන්වා ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

නාවික හමුදාව මේ දිනවල ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින අතර එහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකළේ ද නාවික හමුදාවේ මූලිකත්වයෙන්.

මේ නිසා කච්චතිව් මංගල්‍යය ආසන්නයේ නාවික හමුදාව වෙත මෙවැනි චෝදනා එල්ල කරන්නේ එය කඩා කප්පල් කිරීමේ අරමුණින් බවට සැක පළ වනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories