ඉන්දීය ධීවරයන්ට වෙඩි තැබූ සිද්ධිය ගැන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිළි කිරීමක්

Wednesday, 08 March 2017 - 7:26

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඉන්දියානු ධීවරයින්ට ශ්‍රී ලංකා නාවික හමුදාව වෙඩි ප්‍රහාරයක් එල්ල කර නොමැති බව මූලික පරීක්ෂනවලදී හෙළිදරව් වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ ධීවරයින්ගේ ආරක්ෂාව වැදගත් වන බැවින් ලක් රජය සෑම අවස්ථාවකදීම සියලු ඉන්දියානු ධීවරයින් සම්බන්ධයෙන් මානුෂීය ආකාරයකින් කටයුතු කරන බවට සහතික වන බවයි.

ඉන්දියානු ධීවරයින්ට වෙඩි ප්‍රහාරයක් එල්ලවූයේ යැයි පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය බලවත් කණගාටුවට පත්වන බවද එමඟින් දක්වා තිබෙනවා.

එවැනි වෙඩි තැබීමේ සිද්ධියක් සත්‍ය වශයෙන්ම සිදුවී ඇත්නම් එය දැඩි ලෙස සැළකිල්ලට භාජනය වන සිද්ධියක් ලෙස සළකනු ලබන බව පවසන විදේශ කටයුතු අමාත්‍යාංශය ඉන්දීය බලධාරින්ගේ සහයෝගය සහිතව චන්ද්‍රිකා තාක්ෂණයද උපයෝගී කරගනිමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා බවද සඳහන් කර තිබෙනවා.

මේ අතර, මේ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකරන ලෙස තමන් ආරක්ෂක ලේකම්වරයාට දැනුම්දුන් බවයි ධීවර අමාත්‍ය මහින්ද අමරවීර කොළඹ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories