කාන්තාව බලාත්මක කිරීමේ අරමුණ ජනපති පහදයි

Wednesday, 08 March 2017 - 7:33

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලාංකේය කාන්තාවගේ බහුවිධ භූමිකා වඩාත් බලාත්මක කිරීම වෙනුවෙන් කැපවීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා.

ඒ අදට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දින සැමරුම වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින්.

ශ්‍රී ලංකාව මාතෘත්වය පූජනීයත්වයෙන් පිළිගන්නා රටක් බව සඳහන් කරන ජනාධිපතිවරයා ඊට ලබාදෙන උසස් පිළිගැනීමෙන් සමස්ත ස්ත්‍රී ප්‍රජාවටම රැකවරණයක් ලැබෙන බවක් පෙනෙන්නට නොමැති බව ද සදහන් කළා.

රට තුළ තිරසාර සංවර්ධනය තහවුරු කිරීමේ උත්සාහයේදී ශ්‍රී ලාංකික කාන්තාවගේ අනන්‍යතාව මෙන්ම ආරක්ෂාව තහවුරු කිරීමට රජය මැදිහත්ව සක්‍රීය වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පෙන්වා දුන්නේ.

මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද ජාත්‍යන්තර කාන්තා දිනයට සුබ පැතුම් එක් කරමින් සදහන් කළේ කාන්තාවට අවශ්‍ය නිදහස, පිළිගැනීම සහ ධෛර්ය ලබාදීම සියලුදෙනාගේ වගකීමක් බවයි.

සෑම ක්‍ෂේත්‍රයකම කාන්තා දායක්වයේ වර්ධනයක් දක්නට ලැබුණත් ඇයට සමාන හිමිකම් ලැබීම සම්බන්ධයෙන් වගකීමෙන් සිතාබැලිය යුතු බවයි අගමැතිවරයා මෙහිදී පෙන්වා දෙන්නේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories