ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් පොරොන්දුවක්

Wednesday, 08 March 2017 - 7:42

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාවේ බලශක්ති ක්‍ෂේත්‍රයේ සිදු කෙරෙන සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට කටයුතු කරන බව  ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ප්‍රකාශ කර තිබෙනවා.

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර ඊයේ ආරම්භ වූ ඉන්දීය සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුව අතරවාරයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ පැවැත්වූ ද්විපාර්ශවික සාකච්ඡා අතරතුරයි ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

ආර්ථික සහ ව්‍යාපාරික වශයෙන් ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් ගමනක් යාමට තම රට සූදානම් බව ද මෙහිදී  ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම  ඕස්ට්‍රේලියාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට මෙහිදී ඔහු ආරාධනයක් සිදුකර තිබෙනවා.

එමෙන්ම රාජ්‍ය නායක සමුළුව අතරතුර ජනාධිපතිවරයා ඉන්දීය උප ජනාධිපති මොහොමඩ් අන්සාරි හමුවී සාකච්ඡි කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එහිදී ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා ඉතා නැවුම් ප්‍රවේශයකින් ඉදිරියට ගමන් කිරීම පිළිබඳව ඉන්දීය උප ජනාධිපතිවරයා සිය සතුට පළ කර තිබෙනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිය සංචාරය අතරතුර දී දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සූමා සහ බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනාද හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories