කුරුණෑගල - ගොකරැල්ල - කොස්ගහපිටිය ප්‍රදේශයේ සුසාන භූමිය අසළදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
ගොකරැල්ල පොලීසිය ප්‍රකාශ කළේ ඊයේ පස්වරුවේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 47ක් වයසැති ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි.
රැකියාවට ගොස් සිටි සිය බිරිඳ නිවසට කැටුව ඒමට යමින් සිටියදී මෙම ඝාතනය සිදුව ඇති බව ගොකරැල්ල පොලිසිය කියා සිටියා.
ඉඩම් ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු හදුනාගෙන ඇති අතර ඔවුන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.
මේ අතර, දැරණියගල - මාගල ප්‍රදේශයේදී සිදුවූ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව සිටින 19 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගැනීමට තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
ඒ සඳහා පොලිස් කණ්ඩායම් 05ක්ද පත්කර තිබෙනවා.
මාගල ප්‍රදේශයේදී 07 හැවිරිදි කුඩා දියණියක් සහ 45 හැවිරිදි පුද්ගලයෙකු තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කර තිබුණේ පෙරේදා රාත්‍රියේයි.
පහර කෑමෙන් තුවාල ලැබූ 41 හැවිරිදි දැරියගේ මව ද තුවාල ලබා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

Follow US
Most Viewed Stories