ලක්ෂ 36ක් රජයට පාඩු කළැයි බැසිල්ට අධිචෝදනා

Wednesday, 08 March 2017 - 12:30

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+36%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B7%85%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
පසුගිය ජනාධිපතිවරණ සමයේ ජී.අයි. බට මිලදී ගෙන පළාත් පාලන ආයතනවලට ලබාදීම තුළින් රුපියල් ලක්ෂ 36ක් රජයට පාඩු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුමේ හිටපු අධ්‍යක්ෂ ජනාරාල් කිත්සිරි රණවකට අද අධිචෝදනා භාර දුන්නා.

ඒ, මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක හමුවේ අද කැදවූ අවස්ථාවේදියි.

නඩුවට සහභාගිවීම සඳහා හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුමේ හිටපු අධ්‍යක්ෂ ජනාරාල් කිත්සිරි රණවක අධිකරණයට පැමිණ සිටි අතර ඔවුන් ඇප මත මුදා හැරීමටයි විනිසුරුවරයා නියෝග කළේ.

ඒ අනුව එක් අයෙකුට රුපියල් ලක්ෂ 20 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 3ක් මත මොවුන් මුදා හැර තිබෙනවා.

ඊට අමතරව විත්තිකරුවන්ට සෑම මසකට වරක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories