සිසු පා ගමන් හේතුවෙන් කොළඹ මාර්ග තදබදයක්

Wednesday, 08 March 2017 - 13:26

%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කොළඹ කොටුව දක්වා දියත් කර ඇති සිසු පා ගමනක් හේතුවෙන් කොළඹ නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ගවල රථ වාහන තදබදයක් ඇති විය හැකි බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළා.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් අද පෙරවරුවේ මෙම විරෝධතා පා ගමන් ආරම්භ කෙරුණේ කැළණිය, මොරටුව, ශ්‍රී ජයවර්ධනපුර සරසවි ඉදිරිපිටින්.

එමෙන්ම වත්තල නගරයෙන් ද පා ගමනක් ආරම්භ කෙරුණු අතර මේ වන විට ඒවා කොළඹ නගරය කරා පැමිණෙමින් සිටිනවා.

මේ නිසා බේස්ලයින් මාර්ගය, මීගමුව පාර, හයිලෙවල් මාර්ගයේ රථ වාහන තදබදයක් ඇති විය හැකි බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.  

 




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories