මිසයිල අත්හදා බැලීම් නවතන ලෙස, උතුරු කොරියාවට චීනය දන්වයි

Wednesday, 08 March 2017 - 13:49

%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%83%2C+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92
න්‍යෂ්ටික අත්හදාබැලීම් සිදු නොකරන ලෙස චීනය, උතුරු කොරියාවට ප්‍රකාශ කර තිබෙනවා.

එසේ නොවුනහොත් එය අනාගතයේදී විශාල ගැටළු ඇති කරනු ඇති බවයි චීන විදේශ අමාත්‍ය වැන් ඊ කියා සිටියේ.

උතුරු කොරියාවට සමීපතම රටවල් දෙක අතරින් එකක් වන්නේ චීනයයි.

උතුරු කොරියාව පසුගිය සදුදා බැලස්ටික් මිසයිල හතරක් අත්හදා බැලුවා.

දකුණු කොරියාව මේ පිළිබඳව මුල්වරට අනාවරණය කළ අතර එම මිසයිල වලින් තුනක්ම තම මුහුදු සීමාවට පතිත වී ඇති බවයි ජපානය ප්‍රකාශ කළේ.

මෙම මිසයිල අත්හදා බැලීම තම කලාපයට බලවත් තර්ජනයක් බවයි නිවේදනයක් නිකුත් කරමින් ජපාන අග්‍රාමාත්‍ය සින්ෂෝ අබේ සඳහන් කළේ.

එමෙන්ම මෙම අත්හදා බැලීම ඇමරිකාවද හෙළා දැක තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories