ඉන්දුනීසියානු ජනපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්

Wednesday, 08 March 2017 - 18:13

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමට ඉන්දුනීසියාව බලා ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද එරට ජනාධිපති ජෝකෝ විඩෝඩෝ හමුවුණා.

ඒ ඔහුගේ නිල නිවසේදීයි.

එහිදී ඉන්දුනීසියානු ජනාධිපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සංචාරය තුළින් දෙරට අතර මිත්‍රත්වය වඩාත් ශක්තිමත් වන බවයි.

සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කරගැනීම සඳහා නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීම පිළිබඳ මෙහිදී ඔවුන් දීර්ඝ ලෙස සාකච්ඡාව කර තිබෙනවා.

ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර කෘෂිකර්ම ක්‍ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීමේ වැඩසටහනක් පිළිබඳවද රාජ්‍ය නායකයින්ගේ අවධානය යොමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙහිදී ඉන්දුනීසියා ජනාධිපතිවරයා වෙත ආරාධනා කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories