දැරණියගල ද්විත්ව ඝාතනයේ සැකකරු අල්ලයි

Thursday, 09 March 2017 - 7:03

%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B6%BD+%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
දැරණියගල - මාගල ප්‍රදේශයේදී සිදුවූ ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු වන 19 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රීපාද රක්ෂිතයේ සැඟව සිටියදී අද අලූයම මොහු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

ඊයේ පෙරවරුවේ සිට සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී පාද රක්ෂිතය තුළ පොලිස් කණ්ඩායම් පහක් විශේෂ මෙහෙයුමක් සිදුකරනු ලැබුවා.

දැරණියගල - මාගල ප්‍රදේශයේදී හත්හැවිරිදි කුඩා දියණියක් සහ 45 හැවිරිදි පුද්ගලයෙක් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබුණේ පසුගිය 6 වනදායි.

පහරකෑමෙන් දැරියගේ 41 හැවිරිදි මවද බරපතල තුවාල ලැබුවා.  


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories