බලපත්‍ර නොමැති ඩීසල් සහ පෙට්‍රල් බියගමින් අල්ලයි

Thursday, 09 March 2017 - 7:53

%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%A9%E0%B7%93%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
බියගම ප්‍රදේශයේ ඉතා රහසිගතව බලපත්‍ර නොමැතිව ඉන්ධන එක් රැස් කළ ස්ථානයක් වලාන දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් වටලා තිබෙනවා.

එහිදී නීතිවිරෝධීව එක් රැස් කළ ඩීසල් ලීටර 6730 ක්, පෙට්‍රල් ලීටර 175 ක්, තෙල් බවුසර දෙකක් සහ උපකරණ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 34 ක සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.  


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories